BREAKING NEWS
12:20

අපගේ අභිමථාර්ථය

1. බුදු දහමටත් සිංහල ජාතියටත් එරෙහි බලවේග හදුනාගෙන එම බලවේගයන් මැඩලා ශ්‍රී ලංකාව(සිංහලය) තුළ බුදු සසුනේත් සිංහල ජාතියේත් සුරක්ෂීත බව තහවුරු කිරීම සහ ධර්ම විකෘතියට වැට බැදීම.

2. ඓතිහාසික වටිනාකමක් ඇති සියළුම සංස්කෘතික උරුමයන් බෞද්ධ සිද්ධස්ථාන හා විහාරස්ථාන රැක බලා ගැනීම,පෝෂණය කිරීම සහ ආරක්ෂා කිරීම.

3. භික්ෂූන් වහන්සේලා සහ භික්ෂූණී වරුන් රැක බලා ගැනීම සහ පෝෂණය කිරීම ආරක්ෂෘ කිරීම.

4. දේශීය හා විදේශීය වශයෙනුත් බෞද්ධ පුනර්ජීවයක් ස්ථාපිත කිරීම ,බෞද්ධයන්ගේ සියළුම අයිති වාසිකම් ආරක්ෂා කිරීම.

5. දේශීය හා විදේශීය වශයෙන් ධර්ම ප්‍රචාරය සදහා භික්ෂූන් වහන්සේලා පුහුණූ කිරීම ධර්ම දූත මෙහෙවර ඇරඹීම හා දහම් පාසල් අධ්‍යාපනය නගා සිටුවීම.

6. බෞද්ධ රටවල් ආගමික වශයෙන් ඒකාත්මික කිරීමේ වැඩ පිළිවෙලක් ඇති කිරීම බෞද්ධ කටයුතු පිළීබද ජාතික සහ ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් පිහිට වීම.

7. බෞද්ධ ආර්ථික වැඩ පිළීවෙලක් තුලින් සමාජයේ බුදු දහමට නැඹුරු දිවි පෙවතක් ගෙවීමට යොමු කිරීම සහ අවශ්‍ය කරන යටිතල පහසුකම් ලබා දීම තුලින් බෞද්ධ ජනසමාජයට දිරියක් ලබා දීම.

8. බුදු දහමේත් සිංහල ජාතියේත් පැවැත්ම උදෙසා දත්ත ගබඩාවක් තැනීම.

9. ධර්ම දීපය ජාතික පුවත්පත ප්‍රචලිත කරමින් සමාජය ආකල්ප වෙනසකට යොමු කිරීම සහ බෞද්ධ මාධ්‍ය ජාලයක් ගොඩ නැගීම.

10. බෞද්ධ අරමුදලක් ගොඩ නැගීම සහ ව්‍යාපාරික ජාලයක් ගොඩ නගා හෙට දවසේ අභියෝගයන්ට මුහුණ දිය හැකි බෞද්ධ ජන සමාජයක් ස්ථාපිත කිරීම.

2015 Dharmadeepa News Paper. Web Development By iSoft Lanka Team